• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල් ගැන කාටුන් පොත හෙට (07) එළිදැක්විමට නියමිතයි

6 March 2024
in දේශීය, පුවත්
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බූධයකට හසුවූ රට ඉන් මුදා ගැනීම සඳහා 2021 ජූනි මස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ දා පටන් 2023 මැයි මාසය දක්වා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයාගේ ගමන් මග පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එකතු කර සම්පාදනය කළ “Press vs Prez” කෘතිය හෙට (07) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළී දැක්වීමට නියමිතයි.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20 කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්ව ලබාදී තිබෙන අතර එම කාටූන් ශිල්පීන් සහ රූපවාහිනිය ඔස්සේ එම කාටූන් ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයන්ද මෙහිදී ඇගයීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදිත මෙම කෘතියේ පළමු පොත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන්, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදෙස් තානාපතිවරුන්, මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

කෘතිය එළි දැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඉන්දීය කාටූන් නිර්මාණ ශිල්පී නාලා පොන්නප්ප මහතා සහභාගී වීමට නියමිත අතර ඔහු විසින් විශේෂ දේශනයක්ද සිදුකරනු ඇත.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදුකරයි.

මෙම කෘතිය පිළිබඳ අදහස් දැක්වූ මෙම කෘතියේ සම්පාදක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, “රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා බිහිවන්නේ දිගින් දිගටම සත්‍යය ප්‍රකාශ කිරීමෙනුයි. බහුතරයක් සත්‍යය ප්‍රතික්ෂේප කිරීම නිසා අප සමාජය තුළ ආර්ථික ව්‍යසනයක් සිදුවුණා. උදාහරණයක් හැටියට 2021 එක්සත් ජාතික පක්ෂයත් පරාජයට පත්වෙලා සම්පූර්ණයෙන්ම මන්ත්‍රී ආසනත් අහිමි වෙලා, පක්ෂය එක් අසුනකට ඇද වැටුණා. නමුත් කොපමණ ඇද වැටුනත් රනිල් වික්‍රමසිංහ නැමති පුද්ගලයා සත්‍යය ප්‍රකාශ කිරීම අතහැරියේම නැහැ. සත්‍යය කෙතරම් බලවත් ද කියනවා නම් අවසානයේ තමන්ගේ පාක්ෂිකයන්ගේ බලවත් ඉල්ලීම මත ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙනවා. 2021 ජුනි 23 වෙනිදා එතුමා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ඉන් පසු ඔහු එක දිගටම පාර්ලිමේන්තුවේ තම සගයන් හට සත්‍යය ප්‍රකාශ කරනවා.රට වැටුනා, ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ ගැන කාටුන් ශිල්පීන් විවිධ අර්ථකතන දුන්නා. ඇතම් කාටුන් ශිල්පීන් කිව්වා රනිල් අගමැති කරන්න අපට මොළේ අමාරුවක් නෑ කියලා. කවුරුන් කෙසේ කීවත් අවසානයේ පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනාට නායකත්වයට පුද්ගලයෙකු අවශ්‍ය වුණා. රට බංකොලොත් වුණා, රට කඩාගෙන වැටුණා. ආර්ථිකය පීඩනයට ලක් වුණා. එවිට සියලු දෙනාම එකතු වෙලා කිව්වා රනිල් තමයි අගමැතිකමට සුදුසුම පුද්ගලයා කියලා. 2022 මැයි 12 වෙනිදා ඔහු අගමැති ධූරයේ දිවුරුම් දුන්නා. එදත් කාටුන් ශිල්පීන් එතුමා ගැන දැකපු විදියක් තිබුණා. නමුත් ඔහු අගමැති ධූරය බාරගෙන කොන්දේසි විරහිතව සියලු දෙනාට එකතු වෙන්න කියමින් ඉදිරියට ගමන් කළා. අවසානයේ මාස 2 ක් යන තැන එතුමාගේ නිවස ගිනිබත් කළා එතුමා බය කරන්න හිතාගෙන. ඒ 2022 ජූලි මාසයේ 09 වෙනිදා. එතැනිනුත් නොවැටුණු රනිල් දිගටම සත්‍යය ප්‍රකාශ කරමින් ඉදිරියට ගියා. අවසානයේ සියලු දෙනා අතරමං වුණා. පසුව සියලු දෙනා එකතු වෙලා කිව්වා දැන් ඔහුව වැඩ බලන ජනාධිපති කරන්න කියලා. 2022 ජූලි 15 වෙනිදා රටේ මහා ගින්දරක් තිබිය දී, මුළු රටක්ම කොළඹට ඇවිල්ලා කලබල කරනකොට තම ගමේ පන්සලේ දී වැඩ බලන ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දුන්නා. 2022 ජූලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය පාවිච්චි කරලා ලංකාවේ ජනාධිපතිවරයා හැටියට ඡන්ද 134 ක් අරගෙන, ඡන්ද 3 ක් තව පැත්තටක, ඉතුරු ඡන්ද 82 අනිත් පැත්තට, නරක් වූ ඡන්ද 2 ක් සමග එතුමා ඒ ජයග්‍රහණයෙන් පසුව 2022 ජුලි 22 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.ඒ දිවුරුම් දීමෙන් නොනැවතුණු රනිල් දිගටම සත්‍යය ප්‍රකාශ කරමින් සත්‍යය ජයගනිමින් ඉදිරියටම ගමන් කරනවා. අවසානයේ සියලු දෙනා එතුමා යන ගමන් මග හරි යන තේමාව යටතේ ඉදිරියට ගමන් කළා. 2022 මැයි 22 වෙනිදා එතුමා 08 වෙනි විධායක ජනාධිපති හැටියට පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා. එතැනින් පසුව රට තුළ නැගුණු ආර්ථික ගිනි දැල් සහ සමාජ ගිනිදැල් නිවමින් ගමන් කරපු ගමන් මාර්ගය මේ පොතෙහි සටහන් වෙනවා. එදා කාටුන් ශිල්පීන් මේ කතාව දැකපු අකාරය ඔවුන්ගේ මතයෙන් කාටුන් දහස් ගණනක් හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාටුන් දහස් ගණනින් කාටුන් 618 ක් අද නිකුත් වෙන පොතේ සටහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ඇඳපු කාටුන් උදෑසන ඔබේ රූපවාහිනියේ පත්තර ඉදිරිපත් කළ නිවේදකයා ඉදිරිපත් කළ ආකාරයද මෙහි ඇති QR කේතය ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව උදා වෙනවා යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසිය.

Post Views: 6,566
Previous Post

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් -සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

Next Post

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved