• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරටින් කුඩු, පාතාලය තුරන් වෙන තෙක් මෙහෙයුම නවත්වන්නේ නෑ – ඇමැති ටිරාන්

17 March 2024
in දේශීය, පුවත්
මෙරටින් කුඩු, පාතාලය තුරන් වෙන තෙක් මෙහෙයුම නවත්වන්නේ නෑ – ඇමැති ටිරාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටින් කුඩු සහ පාතාලය තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම දිගින් දිගට කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) වවුනියාව පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැත්වූ විශේෂ වැඩමුළුවේදීය.

අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම තේමා කර ගනිමින් වව්නියාව හා මන්නාරම කොට්ඨාස වල මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සහ ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබා දීම සඳහා “107” හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම.

එම අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ අදහස් පල කලේය ” අද අපි මෙතනට පැමිණියේ පොලිස්පතිතුමා ප්‍රකාශ කරපු පරිදි යුක්තිය මෙහෙයුම ගැන කියලා ඔබ සියලු දෙනා කළ යුතු දේ පැහැදිලි කරන්න.අපි මේ මෙහෙයුම පටන් ගත්තේ මාස තුනකට කලින්,ඊටත් මාස හයකට විතර කලින් මම පොලිස්පතිතුමාට කියා සිටියේ එතකොට එතුමා පොලිස්පති නෙමෙයි.මට මෙවැනි දෙයක් කරන්න අවශ්‍යයි කියලා.අපි ඒකට අවශ්‍ය කටයුතු කරන්න සැලසුම් කරන්න කමිටුවක් පත් කෙරුවා. පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ පත් කරපු කමිටුව මාස හයක් විතර ගියාට පස්සේ අපි එක්ක සාකච්ඡා කරලා අපි මේ මෙහෙයුම කරන්නෙ කොහොමද කියන එක තීරණය කෙරුවා. ඉන්පසු දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩ බලන පොලිස්පති හැටියට පත් කරගත්තට පස්සේ මම තීරණය කෙරුවා මෙහෙයුම පටන් ගන්න.

මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න.අපි ගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා ඒ රැස්වීම් මාලාව කරලා එදා තමයි අපි මහජනතාව දැනුවත් කෙරුවේ 17 වැනිදා පහුවදා උදේ ඉඳන් මෙම මෙහෙයුම පටන් ගන්නවා කියල මම මේ ඇමතිකම බාරගත්තට පස්සේ මම දැකපු එකක් තමයි මේ කුඩු ජාවාරමෙයි පාතාලයෙයි තියෙන ප්‍රශ්න අපේ රටේ තරුණ තරුණියන් පුතාලා දුවලා අම්මල තාත්තලා කවුරුත් ඇවිල්ලා තිබුන හැටි දැක්කා.එවැනි දෙයක් දැකපු නිසා තමා මම මේ මෙහෙයුම කරන්න තීරණය කෙරුවේ අපි මෙහෙයුම පටන් ගත්ත දවසෙ ඉඳන් කාටවත් කිසිම බුරුලක් නොදී මේ මෙහෙයුම ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් කරගෙන යනවා.

ඒ දේ කරන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන් අප රටේ සියලුම මහජනතාව වෙනුවෙන්.එහෙම හිතලා කරන මේ මෙහෙයුම මේ කුඩු තුරන් කිරීම සහ පාතාලය තුරන් කිරීම අපි කිසිදු බලපෑමකට යටත් නොවී දිගටම කරගෙන යනව ඔබ සියලු දෙනා දන්නවා මේ කුඩු ජාවාරමේ තියෙන මුදල් ප්‍රමාණය මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්ති අපේ මේ මෙහෙයුම නවත්වන්න. සමහර රටේ පිළිගත් උදවිය මේ මිලියන ගණන් වලට යටවෙලා ඔවුනුත් අපට බලපෑම් කරනවා. ඒ අතර සමහර නීතිඥ මහත්වරු ඉන්නවා.NGO කට්ටිය ඉන්නවා. බලවත් තව පුද්ගලයින් ඉන්නවා.ඒගොල්ලන් දැන් මේ දවස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිකම නැති කරන්න ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා.අපිට ලියුම් එවනවා. නිවේදන නිකුත් කරනවා. මේ දේවල් කරන්න කියලා. මම හැබැයි සියලු දෙනාටම කියන්න කැමතියි.ඒ මොන බලපෑම් ආවත් පොලිස්පතිතුමාට මොන බලපෑම් කෙරුවත් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරන්න.

අපි පසුබට වෙන්නෙ නෑ අපි කරන්න තියෙන දේ කරනවා.කාගෙවත් බලපෑම්වලට යටත් නොවී මේ මෙහෙයුමට ජාති භේදයක් නෑ. ආගම් භේදයක් නෑ. දේශපාලනයක් නෑ. ඒක නිසා අපි නීතිය අකුරටම පිළිපැදිය යුතුයි කියලා සියලු දෙනාටම කියලා තියෙන්නේ සිංහල වෙන්න පුළුවන් දමිළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම එකම විදිහට මේ නීතිය අපේ පොලිසිය මගේ අමාත්‍යාංශය යටතේ තියෙනකම් අපි ක්‍රියාත්මක කරන බව මම කියන්න ඕන. අපේ පොලිසියට මේ පහුගිය අවුරුදු එකහමාරේ බලපෑම් කරන එක ගොඩක් අඩුවෙලා තියෙන්නේ. ඉස්සර ඕඅයිසී කෙනෙක් මාරු කරන්නේ ලියුම් අරගෙන එක්කෝ ටෙලිෆෝන් කෝල් එකකින් මෙයාව මාරු කරන්න කියලා. ඒ දේවල් දැන් වෙන්නෙ නෑ. ඒ මොකද මම මේ ඇමතිකම දරනකන් ඒ කිසිවකට මම ඉඩ තියන්නේ නෑ.

ඒක නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි සමග එකතුවෙන්න. අපි කරන මේ මෙහෙයුම මේ රට කුඩු වලින් සහ පාතාලයෙන් බේරගන්න කරන මෙහෙයුමක්.ඔබලට කරන්න පුළුවන් එක දෙයක් තමයි අපිට තොරතුරු සපයන එක.ඒක තමා ලොකුම දේ කරන්න පුළුවන් ඒක මම හිතන්නේ පොලිස්පතිතුමා තේරුම් කරලා දුන්නා.කිසි බයක් නැතුව තොරතුරු සපයන්න අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා. කවදාවත් අපිට තොරතුරු ලබා දුන්න අයගේ නම් එළියට යන්නේ නෑ.ඒක හින්දා කිසි දේකට බය වෙන්න ඕන නෑ.

ඉතිං අපි ඔක්කොටම වඩා ඔබ සියලු දෙනා තමයි තමන්ගේ ගමේ නගරයේ කුඩු විකුණන්නෙ කවුද කියන එක දන්නේ?අපිට වඩා ඔබ සියලු දෙනා ඒක නිසා ඒවා අපිට ලබා දෙන්න.ලොකු පොඩි කවුරු උනත් ඒ දේ කරන සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්න බව පොරොන්දු වෙනවා.පාතාලය ගැනත් අපට තොරතුරු ලබා දෙන්න.කිසිම ගමක හෝ නගරයක චණ්ඩි ඉන්න බෑනේ. ඒ චන්ඩි තමා ඊට පස්සේ ටී පනස් හය පාවිච්චි කරලා මිනී මරණ තැනට එන්නේ. මම දන්නවා මේ පළාත් වලත් එවැනි චණ්ඩි ඉන්නවා. ඒක හින්දා කරුණාකරලා අපිට සෑම තොරතුරක්ම ලබා දෙන්න අපි පාතාලය නැතිකරන එක හොඳින් හෝ නරකින් හෝ කරන්න තීරණය කරලා තියෙන්නේ.

අපිට ඉඩ දෙන්න බෑ මිනිස්සු තුවක්කුවක් අරන් ගිහිල්ලා තව එක්කෙනෙකුට වෙඩි තියලා මෝටර් සයිකලයකින් නැගලා යද්දි ඔබ සියලු දෙනා දන්නවා මේ දේ වුණා. මීට කලින් තිබුන සමහර මාසයක හැමදාම මිනීමැරුමක්.දැන් ඒක අඩුවෙලා ඉතින් අපි පාතාලය පසුපස හඹා යන එක නවත්තන්නේ නෑ.

අපි තර්ජන මැද මෙවැනි දේවල් කරන්න ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවක ඔබ සියලු දෙනා අපි එක්ක අත්වැල් බැඳගෙන මේ රට කුඩුවලින් පාතාලයෙන් බේරගන්න එකට සහාය දෙන්න ඕන.එහෙම සහය දුන්නේ නැත්නම් කවද හරි ඔබලාට දුක් වෙන්න වෙයි. සමහරවිට ඔබලාගේ දූ දරුවෝ කුඩු බොන්න ගත්තහම එක්කෝ නරක අතට යනකොට ඉදිරියේදී ඔබලටම දුක් වෙන්න වෙනවා. තමන්ට තමන්ගේ ළමයින්ට දුවලා පුතාලාට ආදරයක් තියෙනවා නම්. පවුල් ගැන යම්කිසි හැඟීමක් තියෙනවා නම්. ඒ වගේම මේ රටේ කුඩු හින්දා දහස් ගණනින් පවුල් කැඩිලා තියෙනවා. මගේ ඉල්ලීම ඔබ සියලු දෙනා අපි එක්ක එකතු වෙන්න එකතුවෙලා අපි මේ උවදුරෙන් රට බේරගමු.මම පොලිස්පතිතුමාට කීවේ මට ජූනි තිස් වෙනිදා වෙනකොට ලොකු වෙනසක් දකින්න ඕන කියලා. නමුත් මම සන්තෝෂයි කියන්න ඊට කලින් මේ මාස තුනක් යනකොට රට පුරා වෙනසක් ඇතිවෙලා තියෙනවා.මම හිතන්නේ මම කියන්ඩ ඕන නෑ.ඔබ සියලු දෙනා දන්නවා ඔබ සියලු දෙනාගේ පළාත්වල තිබුණ තත්ත්වයයි.දැන් තත්ත්වයයි ගැන ඔබ සියලු දෙනා දන්නවා අපි මේ පළාත්වල.

මම හිතන්නේ මටත් පොලිස්පතිතුමාටත් මේ පළාත් අලුත් දෙයක් නෙවෙයි.මම දැකලා තියෙනවා මේ පළාත්වල ජනතාව කොච්චර දුක් වින්දද කියල යුද්ධය නිසා.මම 2002 2023 කාලෙ ඉඳන් 2005 වගේ වෙනකම් මම නිතරම මේ පළාත් වලට ආවා.වවුනියා කිලිනොච්චි මුලතිව් යාපනය ඒ පළාත්වලට මං ආවා. ඒ කාලේ මේ පළාත්වල මොබයිල් ෆෝන් කියන එක තිබුණේ නෑ.මම තමයි ඩයලොග් එක එක්ක එකතුවෙලා මේ පළාතට මොබයිල් ෆෝන් ඉස්සෙල්ලම ගෙනාවේ. මුළු උතුරටම හැබැයි ඒවා කරන්න ගිහිල්ලා.එවකට රජය විසින් මම එල්ටීටීඊයට සල්ලි දුන්න කියලා මාව හිරේ දැම්මා.නමුත් ඒවායින් මම පසුබට වුණේ නෑ. මම කරන්න තියෙන දේ දිගටම කරගෙන ආවා. ඒ දවස්වල කවුරුත් හිතුවේ නෑ.මම පොලිසිය භාර ඇමතිවෙයි කියලා.

ඉතින් අපි මේ පළාත්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනන හින්ද තමයි.දැන් එකක් තමයි පොලිස්පතිතුමා තේරුම් කරලා දුන්න වගේ අපි අද ඉඳන් මේ එකසිය හත කියලා hotline එක පටන් ගත්තේ ඒක අපි වවුනියාවේ පිහිටෙව්වට රටේ ඕනෑම පුරවැසියෙකුට දෙමළ බසින් පැමිණිල්ලක් කරන්න ඕන නම් කොළඹින් උනත් යාපනයෙන් වුණත් මඩකලපුවෙන් උනත් එකසිය හත ඩයල් කරහම දෙමළ භාෂාවෙන් පැමිණිල්ල කරන්න පුළුවන් අපි මෙවැනි දේවල් කරමින් මේ පළාත්වලට එන්නේ ඔබ සියලු දෙනාට උදව් කරන්න.කිසි ප්‍රශ්නයක් නැතුව ඒ පළාත්වල ජීවත් වෙන්න පුළුවන් වෙන්න.

අපි අපේ කාලය නාස්ති කරගෙන මේ ඇවිල්ලා මේ රැස්වීම් තියලා ඔබ සියලු දෙනාටම මේ සියලු දේවල් කියා දෙන්නේ ඒවා තේරුම් අරගෙන ඔබ සියලු දෙනා අප සමග එකතු වෙන්න කියලා පණිවිඩය දෙන්න.

දැන් අපි මේ මෙහෙයුම පටන් ගත්තම හොඳ දේවල් රටේ වෙලා තියෙනවා. ජාති ආගම් බේදයකින් තොරව මහජනතාව මේ මෙහෙයුම වටා රොක් වෙලා තියෙනවා.ඒ වගේම ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එක පවුලක් හැටියට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒකට අපි ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

මම අවසාන වශයෙන් කියන්නේ අපි මේ මෙහෙයුම නවත්තන්නෙ නෑ මේ රටින් කුඩු සහ පාතාලය තුරන් කරන තෙක් අපි මේ මෙහෙයුම දිගින් දිගට කරනවා.දැඩි තීරණ ගන්ඩ තියෙන තැන්වල දැඩි තීරණ ගන්නවා. ඒක හින්ද තමයි මම විටින් විට මේ කුඩු ජාවාරමේ ඉන්න අයටයි පාතාලේ ඉන්න අයටයි කියන්නේ, කරුණාකරලා මේක නවත්තන්න නැවැත්තුවේ නැත්නම් විපාක විඳින්න වෙයි.කියන පණිවිඩය මම දිගටම දෙන්නේ ඒකයි.

ඒක හින්දා අපි මේ මෙහෙයුම දිගටම කරනවා ඔබ සියලු දෙනාම දිගටම අපි එක්ක එකතුවෙලා අපි පොලිසියේ අයව දිරිමත් කරලා තම තමන්ගේ ප්‍රදේශ බේරගෙන තමන්ගේ පවුල් බේරගෙන තමන්ගේ දූ දරුවන් බේරගෙන ජීවත් වෙන්න කියලා මම ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13,570
Previous Post

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

Next Post

මෙරට මුහුදු සීමාව තුල අනවසර ඇතුලු වු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

editor ttvnews

editor ttvnews

Next Post
මෙරට මුහුදු සීමාව තුල අනවසර ඇතුලු වු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුල අනවසර ඇතුලු වු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved