27 April 2024
#දේශීය #පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ඇතුලු වු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනා (21) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දහ අටක් (18) සහ ඉන්දීය ධීවරයින් එකසිය හතළිස් හය දෙනෙකු (146) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *