ලබන මස 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්රකාශ නාමයෝජනා පත්ර සමග භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය තේරීම්භාර නිලධාරීන්ට භාර දිය යුතු බවද කොමිසම පෙන්වා දෙයි.
නාමයෝජනා භාර දෙන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයන් මෙය අනුගමනය කළ යුතුය.
මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්රී ධුර අපේක්ෂකයන් ද වත්කම් බැරකම් ප්රකාශ නමයෝජනා පත්රය සමග මැතිවරණ කොමිෂන් සභාවට භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නාම යෝජනා පත්රය සමග වත්කම් බැරකම් ප්රකාශ භාරදීමට අපොහාසත් වීම දණ්ඩනයකට යටත් විය යුතු වරදක් බවද සඳහන් කරයි.