• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැණික් ගල් පෙන්නා පොලී කතගේ කෝටි 2කට විදලා

31 October 2024
in දේශීය
මැණික් ගල් පෙන්නා පොලී කතගේ කෝටි 2කට විදලා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වාහන, ඉඩකඩම් සහ වෙනත් දේපළ උකසට ගෙන අධික පොලියට මුදල් ලබාදෙන පදවිය ප්‍රදේශයේ කාන්තාවකට මැණික් ගල් දෙකක් දෙන බව පවසා ඇයගෙන් රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන සුරාසල් හිමිකරුවකු ඇතුළු සැකකරුවන් තිදෙනකු කැබිතිගොල්ලෑව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා කෝප්‍රල්වරයකු ද සිටින බව පොලිසිය පැවසීය.

54 හැවිරිදි කාන්තාවක වාහන, ගේ දොර, ඉඩකඩම් උකසට ගැනීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතර, ඇය පසුගිය වසරේදී පදවිය පොලිසියට පැමිණිලි කර තිබුණේ තමාට මැණික් ගල් දෙකක් අලෙවි කරන බව පවසමින් හඳුනන ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු තමාගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ලබාගෙන වංචා කළ බවටය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එච්.එන්. පියරත්න ඇතුළු නිලධාරිහු සිදුකළහ.

ශ්‍රී පුර ප්‍රදේශයේ වාහන ව්‍යාපාරයක් සිදුකරන සුරාසල් හිමිකරුවකු තමන් හඳුනන බවත් ඔහු විසින් තමාට නිධානයකින් ගත් මැණික් ගල් හතක් දී ඇති බවත් පෙර කී ව්‍යාපාරිකයා මෙම කාන්තාවට පවසා ඇත. තවද ඉන් ගල් දෙකක් විකුණන බව කී පසු තමන් එම ගල් දෙක මිලදී ගැනීමට කැමැත්ත පළකළ බවද පැමිණිලිකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබිණි.

ඒ අනුව මෙම කාන්තාව පසුගිය වසරේ නොවැම්බර් 06 වැනිදා මැණික් ගල් දෙක මිලදී ගැනීම සඳහා පදවිය නගරයට පැමිණ ඇති අතර, හිතවත් ව්‍යාපාරිකයාද තවත් පුද්ගලයකු සමගින් මෝටර් රථයෙන් පදවිය නගරයට පැමිණ ඇත.

පසුව මෙම කාන්තාව පදවිය නගරයේ රාජ්‍ය බැංකුවකට පැමිණ රුපියල් ලක්ෂ හතළිහක් ලබාගෙන ඉතිරි මුදල් ලබාගැනීමට අනුරාධපුරයට යා යුතු බව පවසා ඇත. පසුව ඔවුන් තිදෙනාම අනුරාධපුරයට ගොස් එහි රාජ්‍ය බැංකුවකින් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් ලබාගෙන තිබේ.

මේ අනුව කාන්තාව එම පුද්ගලයින් දෙදෙනා සමග අනුරාධපුරයේ හෝටලයකට ගොස් කාමරයක් වෙන්කරගෙන ඇති අතර, ඔවුන් එහිදී පවසා ඇත්තේ මුදල් ලබාදෙන ලෙසත් මැණික් ගල් දෙක නිවසටම ගෙනවිත් දෙන බවත් ය.

ඊට කැමැත්ත පළකළ කාන්තාව මුදල් ලබාදුන් පසු හිතවත් ව්‍යාපාරිකයා තමා වෙනත් හෝටලයක නවාතැන් ගත යුතු බව කියමින් පිටව ගොස් ඇත්තේ සිය මිතුරා සහ කාන්තාව මෙම හෝටලයේම රැය පහන් කිරීමට කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.

පසුදින ව්‍යාපාරිකයා පැමිණ මෙම කාන්තාව හා තම මිතුරා මෝටර් රථයට නංවාගෙන විත් කාන්තාව පදවියේ නිවසටම හැරලවා තිබේ. පසුව ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි පැමිණිලිකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා ඇත.

මේ අනුව ක්‍රියාත්මක වූ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඔවුන් නවාතැන් ගත් හෝටලයට ගොස් එදින නවාතැන් ගත් අයගේ ජාතික හැඳුනුම්පත් අංක සටහන් කරගෙන විමර්ශනය කිරීමේදී එම හැඳුනුම්පත යුද හමුදා කෝප්‍රල්වරයකුගේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව එම කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ ඔහුගේ මිතුරෙකු විසින් තමාගේ ජාතික හැඳුනුම්පත රැගෙන ගිය බවයි. එම පුද්ගලයාද පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම වංචාව සිදුවූ දින මෙම කාන්තාව සමග හෝටල් කාමරයේ රැය පහන් කළ පුද්ගලයා බව හෙළිවී ඇත.

වැඩිදුර විමර්ශනවලදී මෙම වංචාවේ ප්‍රධාන සැකකරු වන සුරාසල් හා වාහන ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාර කාන්තාව වැන්දඹු එක්දරු මවක වන අතර ඇයගේ දියණිය ද කොළඹ ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන බව විමර්ශන මගින් හෙළිවී ඇත.

මෙම වංචාවට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාම කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ. වික්‍රමනායකගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එච්.එන්. පියරත්න, පොලිස් සැරයන්වරු වන ධර්මරත්න (7959), විතානගේ (37887) සහ පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර (63444) ඇතුළු නිලධාරීහු මෙහි විමර්ශන සිදුකළහ.

Post Views: 17
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන රනිල් කතා කරයි

Next Post

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025

Recent News

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved