මෙරට පවතින කළු මාෆියාව සහ කළු රාජ්‍යය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බේරුවල පැවැති ජනහමුවකදී කළ ප්‍රකාශයට පිළිතුරක් ලබාදෙමින්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපති සහ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ.
වරක් ජනතාව මුලාවට ලක්කර බලයට පැමිණි රජය, මේ වන විට මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් කළු සල්ලි ලබාගනිමින් නැවතත් ජනතාව රැවටීමට කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි. මීට පෙර පැවැති රජයන් සමයේදී “කළු හාල් මාෆියාව” නැති කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන ඔහු, එදා සහල් මාෆියාව යැයි ජවිපෙ විසින් හැදින්වූ ඩඩ්ලි සිරිසේනට, මේ ආණ්ඩුව අද අත්පුඩි ගසමින් සිටින බවත්, රතු ලේබල් කන්ටේනර් 323ක සිද්ධිය, බාල ගල්අඟුරු ආනයනය සහ අධික පිරිවැයක් දරමින් ඩීසල් මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුවීම වැනි කරුණු රැසක් ගෙනහැර දක්වමින් වත්මන් පාලනයේ කළු රාජ්‍යය දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.














