අනීතික ලෙස ඖෂධ ශාලා ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය නතර කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන ඇති ක්රියාමාර්ග අගය කරන බව ක්රියාකාරි ඖෂධවේදින්ගේ සංගමය පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ පනත ක්රියාත්මක කිරීම තුළින් ඖෂධ ශාලා වැසී යාමේ අවදානමක් නොමැති බව එම සංගමයේ සභාපති බුද්ධික ආර්. ගොඩගේ පවසයි.
ඖෂධ ශාලාවල ගුණාත්මක භාවය වැඩි දියුණු වීම සහ ගුණාත්මක ඖෂධ නිසි උපදෙස් සමග ලබා ගැනීමට රෝගින්ට අවස්ථාව හිමිවීම හා ඖෂධ අවභාවිත වීම වැළැක්වීමට වත්මන් ක්රියාවලියෙන් ඉඩ ලැබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
වර්තමානයේ ඖෂධවේදය පිළිබඳ සුළු දැනුමක් හෝ නොමැති අය ඖෂධ ශාලාවල සේවය කරන අතර එය වැළැක්වීමට අධිකාරිය ගන්නා ක්රියාමාර්ගවලට සහයෝගය ලබාදෙන බවද සභාපතිවරයා පෙන්වා දෙයි.