උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන ඇණවුම් ඉහළ යාම හේතුවෙන් ඉකුත් ඔක්තෝබර් මාසය තුළ භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ප්‍රධාන වශයෙන් ආහාරපාන සඳහා වන ඇණවුම් ප්‍රමාණය ඉහළ යාම මෙම තත්ත්වයට වැඩි වශයෙන් බලපා ඇත. උත්සව සමය හේතුවෙන් ඉදිරි මාස තුන තුළදීම මෙම තත්ත්වය යහපත් මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු ද ඔක්තෝබර් මාසය තුළ සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර පොලී අනුපාත අඩු වීම නිසා ණය දීම් ඉහළ යෑම මෙම තත්ත්වය ඉහළ යාමට හේතු වී තිබේ.
අධ්‍යාපන, තොග හා සිල්ලර වෙළෙඳාම, දේපළ වෙළෙඳාම හා රක්ෂණ සේවා අංශයන්හි ව්‍යාපාර කටයුතු ද ඉකුත් ඔක්තෝබර් මාසය තුළ සැළකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි