• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ගැටුම අදින් ඇරැඹේ

27 November 2024
in ක්‍රීඩා
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ගැටුම අදින් ඇරැඹේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගවාරයේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් සහිත දෙරටක් වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අද (27 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතය. ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකාවේ, දකුණු අප්‍රිකාවේ පමණක් නොව ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයට මාන බලන කණ්ඩායම් තුනකම ඉරණම තීන්දු වීමද විශේෂත්වයකි.

දෙරට අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරග 4ම දකුණු අප්‍රිකාවේ පවත්වා තිබෙන අතර මින් තරග දෙකක ජය ශ්‍රී ලංකාවට හිමි වී තිබීම, මෙම තීරණාත්මක තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සැහැල්ලුවක් වනු ඇත. එමෙන්ම අද තරගය පැවැත්වෙන ඩර්බන් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව අවසන් වරට 2019 තරග වැදි අතර එහිදී කුසල් ජනිත් වාර්තා කළ සියවසේ හොඳම ඉනිමත් සමගින් අති විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට හිමි වීමද විශේෂත්වයකි. එමෙන්ම අදාළ තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සත් දෙනෙක්ම ශ්‍රී ලංකා සංචිතයට නම් වී තිබීමද අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවට අමතර වාසියක් ගෙන දෙනු ඇත. එමෙන්ම 2019 වසරේදී මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කඩුලු 6ක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය මෙවර ටෙස්ට් සංචිතයට නම් කොට තිබීමත් අදාළ තරගයේ කඩුලු 8ක් දවාගත් විශ්ව ප්‍රනාන්දු ඉතා හොඳ සූදානමකින් පසු වීමත් වසර 5කට පසු තවත් අසීරු ජයක් සොයන ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වශයෙන් සැලකිය හැක.

තරගය ආරම්භ වන අද දිනයේදී සුළු වර්ෂාපතනයකින් තරගයට බාධා එල්ල වීමට ඉඩ ඇති බවටත් තරගයේ අනෙක් දින 4ට හොඳින් හිරු එළිය පතිත වී තරමක උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවටත් අනාවැකි පළ වී ඇත. මේ හේතුවෙන් තරගයේ පළමු දිනයේදී පන්දුව තරමක වැඩි දෝලනයක් පෙන්වීමේ ඉඩක් පවතියි. කෙසේ වෙතත් අද දිනයේ පළමු අර්ධයේ අවසන් පන්දුවාර කිහිපය වන විට තණතීරුව පිතිකරණයට වඩාත් යෝග්‍ය වනු ඇති බවටත්, අනතුරුව කඩුල්ල පළුදු වීම හේතුවෙන් දෙවන දිනයෙන් පසු දඟ පන්දුවට තරමක අවස්ථාවක් පවතිනු ඇති බවටත් අනාවැකි පළ වී තිබීම හේතුවෙන් අද කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට උත්සුක වනු ඇතැයි අනුමාන කළ හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගයන්ට අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට එක් කර ගැනීමේ ඉඩක් ඇත. මේ අනුව නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදු වනු ඇත. මේ අනුව බොහෝදුරට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් විවේක ගන්වා විශ්ව ප්‍රනාන්දු හෝ ලහිරු කුමාර අද තරගය සඳහා කණ්ඩායමට නම් වීමේ ඉඩක් පවතියි.

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේශ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු

Post Views: 21
Previous Post

යාපනය A-9 ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Next Post

IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී – කම්කරු ඇමැති

Editor TTV News

Editor TTV News

Next Post
IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී – කම්කරු ඇමැති

IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී - කම්කරු ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved