• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩො.බි 45ක් දක්වා ගෙන ඒමට කටයුතු කරනවා – නි.ඇමති චතුරංග

6 December 2024
in දේශීය, පුවත්
නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩො.බි 45ක් දක්වා ගෙන ඒමට කටයුතු කරනවා – නි.ඇමති චතුරංග
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වරින් වර වෙනස් වන ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට හා ආයෝජකයන්ට තම කර්මාන්ත තුළ ස්ථාවර භාවයක් ගොඩනඟාගැනීමට නොහැකි වූ බවත් දියුණු ආර්ථිකයක් ඇති රටවල කර්මාන්ත සංවර්ධනය සඳහා රාජ්‍ය සහාය නොඅඩුව කර්මාන්තකරුවන්ට ලබාදෙන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

එසේම කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුකරදීමට රජයට විශේෂ වගකීමක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා,

″අප රටේ කර්මාන්ත ක්ෂේත්‍රෙයේ පවතින ප්‍රධානම ගැටළුව වන්නේ රටේ කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමයි.

ලෝකයේ වෙනත් රටවල් දීර්ඝකාලීන සැලසුම් වලට අනුව ඔවුන්ගේ ආර්ථිකය මෙහෙයවනවා.

නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න ගැටලුවක්, රටක නිෂ්පාදන ආර්ථිකය මෙහෙයවීමේදී එරට ආයතනික ව්‍යුහයන් ක්‍රියාත්මක වන ආකාරය වැදගත් සාධකයක්.

වර්තමානයේ කර්මාන්ත අමාත්‍යංශය ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අනුව සකස් වෙලා තිබෙනවා.

ඒ නිසා වර්තමාන රජය යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහාය නිවරදි ආකාරයෙන් ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ වන විට දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය සපයාගැනීම, ප්‍රාග්ධන සම්පාදනය, තාක්ෂණය, විදේශ වෙළඳපළ සොයා ගැනීම, බදු ප්‍රතිපත්ති වැනි ගැටලු රැසක් පවතිනවා.

මේ නිසා දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය වෙනුවට කර්මාන්තකරුවන්ට සුදුසු බදු ප්‍රතිපත්තියක් ඉතා ඉක්මනින් හදුන්වාදීමට අප රජය කටයුතු කරනවා.

මෙතෙක් පැවති කිසිම රජයක් යටතේ පර්යේෂණ හා නවෝත්පාදන සඳහා කිසිදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්.

ඒ තත්ත්වය කර්මාන්ත ශ්‍රේෂ්ඨයට විශාල වශයෙන් අහිතකර බලපෑමක් ඇති කර තිබෙනවා.

දකුණු කොරියාව, බ්‍රසීලය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල සමස්ථ ආර්ථිකය දියුණු කළේ සංවර්ධන බැංකු හරහා.

ඉන්දියාවේ මේ වන විට සංවර්ධන බැංකු 11ක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ලංකාවේ එවැනි කිසිදු සංවර්ධන බැංකුවක් ගොඩනංවා නැහැ.

ව්‍යවසායකත්වය දියුණු කර ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම නව රජයේ අරමුණයි.

ලෝකයේ වෙනත් රටවල රටේ සමස්ථ ආර්ථිකයේ 85% දායකත්වයක් ලබාදෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයෙන්.

නමුත් අපේ රටේ එම ක්ෂේත්‍රය කඩා වැටිලා. මේ තත්වය සැලකිල්ලට ගෙන කුඩා හා මධ්‍ය පරිමාණ අංශයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහළ නැංවීමට අප රජයක් ලෙස කටයුතු කරනවා.

මේ වන විට බිඳ වැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීමට ප්‍රායෝගික සැලැස්මක් අප සකස්කර තිබෙනවා.

මේ වන විට ඩොලර් බිලියන 17ක් වන අපගේ අපනයන ආදායම ඩොලර් බිලියන 45 ක් දක්වා ඉහළ නැංවීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගෙන ස්ථිර දැක්මක් යටතේ නව රජය කටයුතු කරන බවත් ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 සිට ඩොලර් බිලියන 5 ක් දක්වාත්, ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 සිට 7 දක්වාත්, කෘෂි නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන 2.5 සිට ඩොලර් බිලියන 4ක් දක්වාත්, වරාය ආශ්‍රිත ඉපයීම් ඩොලර් බිලියන 3 ක් හා සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම ඩොලර් බිලියන 8 ක් දක්වාත් ඉහළ නැංවීම නව රජයේ ඉලක්කය” බවද වැඩිදුරටත් පැවසුවා.

Post Views: 11
Previous Post

සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

Next Post

රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්

රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved