ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවෙන් සම්බාධක පනවා තිබේ.
ඒ, දූෂණ අපරාධකරුවන්ට එරෙහි වීමේ අමෙරිකාවේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසයි.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේ සහ මානව හිමිකම් දිනයට සමගාමීව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ලොව පුරා දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමට සිය කැපවීම අවධාරණය කරමින් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් අධික මිලට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සහතික කිරීම සඳහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල විය.
උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත වැඩපිළිවෙළක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
එම චෝදනා හේතුවෙන්, ඔවුන්ට අමෙරිකාවට ඇතුල් වීමට නුසුදුසු බව ප්‍රකාශයට පත්කරමින් වාර්ෂික රාජ්‍ය විසර්ජන දෙපාර්තමේන්තු පනතේ 7031(c) වගන්තිය යටතේ මෙම නම් කිරීම සිදුකර ඇතැයි සඳහන්.
මේ අතර දූෂණ චෝදනා සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා හේතුවෙන් තවත් 12 දෙනෙකුට සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.