• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දොස්

9 January 2025
in දේශීය, පුවත්
කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දොස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසු ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ කාගේ හොද හිතා දිනා ගන්නද? යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්ණ කල කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් පෝස්ටර් ඇලවුවානම් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ කාට බයේද? යනුවෙන් විමසුවේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල ප්‍රධාන සංවිධානයකවරයා සහ කුරුණෑගල මැතිවරණ මෙහෙයුම් කළමණාකරුකුරුනෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ගෙන් මෙලෙස විමසා සිටියේය.

සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000/- බැගින් වටිනා ඇපකරුවන්ගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමණාකරු මෙන්ම වයඔ පළාත් හිටපු ආන්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නසීර් අහමඩ් යන මහත්වරුන්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කල එච්.ඒ. නදීක හෙට්ටිආරච්චි සහ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල ප්‍රධාන සංවිධායක එන්. ලලිත් රවින්ද්‍ර කුමාර නමැත්තන්ය.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ සිලින්ඩරය ලකුණින් තරඟ කල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෝස්ටර් අලවා ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කළැයි කියමින් කුරූණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ පොලිස් නිලධාරීහු පසුගිය ජනාධිපතිවරණ සමයේ සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරඟ කල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෝස්ටර් ඇලවීමෙන් සැකකරුවන් ජනාධිපතිවරණ පනත මු`ථමනින්ම උල්ලංගණය කර ඇතැයි කී පොලිසිය සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති දුනුසිංහ මහතා කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසු ජනාධිපතිවරණ පනත උල්ලංගණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් තම සේවාදායකයින් අත්අඩංගුවට ගත්තේ ක්ලීන් ශ්‍රි් ලංකා’ වැඩසටහනේ තවත් එක් කොටසක් ලෙසද? යනුවෙනුයි.

ජනාධිපතිවරණය නිමවී මහ මැතිවරණයක්ද පවත්වා ඇතැයි පෙන්වා දුන් නීතිඥ කීර්ති දුනුසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පමණක් නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේත් සජිත් ප්‍රේමදාස මහතාගේත් දිලිත් ජයවීර මහතාගේත් මැතිවරණ පෝස්ටර් දිවයින පුරා අලවා තිබෙනු තමන් දුටුවේ යැයි කී නීතිඥ කීර්ති දුනුසිංහ මහතා තම සේවාදායකයින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීfමි කිසිදු පෝස්ටරයක් ජනාධිපතිවරණ සමයේ අලවා නැතැයිද ඔවුන් අලවා ඇත්තේ රනිල් වික්‍රසිංහ මහතා කුලියාපිටියේදී ජන හමුවක් අමතන බව සඳහන් පෝස්ටරයක් පමණක් යැයිද කීය.

ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇල වූ බවට පොලිසිය තම සේවාදායකයින්ට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කී නීතිඥ කීර්ති දුනුසිංහ මහතා ඔනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායකයින් මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කලැයි කියමින් මෙම සැකකරුවන් කඩි මුඩියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ යමෙකුගේ හොද හිත දිනා ගන්නද? යනුවෙන් ප්‍රශ්න කළේය.

සැකකරුවන් ජනාධිපතවරණ පනත උල්ලංඝණය කර ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ කාට හෝ භය නිසාද? එසේත් නැතිනම් හෙට අනිද්දා ඒ.එස්.පී. කෙනෙක් හෝ එස්.එස්.පී. කෙනෙක් පොලිසියේ පරික්ෂණයකට එන නිසාද? යනුවෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි පොලිසිය කල ඉල්ලීම ඉවත දමමින් ඔවුන් ඇප මත මුදා හළේය.

Post Views: 10
Previous Post

පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි

Next Post

ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි මහනුවරින් ඇරඹීමට අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි මහනුවරින් ඇරඹීමට අවධානය

ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි මහනුවරින් ඇරඹීමට අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved