• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

ණය වී හරි ගිතෙල් කන්න

14 February 2025
in විශේෂාංග
ණය වී හරි ගිතෙල් කන්න
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ගිතෙල් වල ගුණ කන්ද

කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නා වග ඇසීමෙන් පවා ඔහු බුද්ධිමත් ධර්මිකයකු ය යන හැඟීමක් ඉබේම ඇති වේ. එසේ වන්නේ සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්ඨි ශක්ති වර්ධක ගුණ වැඩි වශයෙන් ගිතෙල තුළ ඇති නිසා යි. “ඍණං කෘත්වා ඝෘතඃ පිබේ” “ණය වී හෝ ගිතෙල් කන්න” යනුවෙන් ඉපැරණි ඉන්දියානු දර්ශන වේදියෙකු වූ චාර්වාක ද පවසා ඇත්තේ ගිතෙල් තුළ එපමණකටම ගුණයන් ඇති හෙයිනි.

අපට ගිතෙල් බත්, දුන්තෙල් බත් කෑමට ලැබෙන්නේ කලාතුරකිනි. පායාසත් (කිරිබතක්) එසේ ය. ඉන්දියානු බමුණන් ගේ දවස දෙවේලේ පරිභෝජනයට මේවා ඇතුලත් වේ. සිංහලයන් ද කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් හොඳ හැටි කෑවේ අනුරාධපුර ආර්‍යශිෂ්ඨාචාරය පැවති සමයේ යි. ගුණැති ආහාර අනුභවයේ අගය අදටත් රජරටෙහි නෂ්ඨාවශේෂ දැකීමෙන් සිතාගත හැකි ය. එදා කිරි ගිතෙල් වල පැවතුන ගුණය අදත් එසේම ය. ඇති එකම වෙනස සපයා ගැනීමට අපහසු වීම සහ සාමාන්‍ය ජනයාට එහි අගය නොතේරීමයි. ජාතියේ අවාසනාවකට තවමත් සාමාන්‍ය ජනයා තුළ සැලකිය යුතු මට්ටමේ කැමැත්තක් දැනුමක් මෙම ගිතෙල් පරිභෝජනය කිරීමෙහි නොපවතී. එකල අපට තිබූ කායික ශක්තියත්, බුද්ධි බලයත් නැවත සුළුවෙන් හෝ වඩා ගැනීමට අවශ්‍ය නම් ගිතෙල් මුසු බත ස්වල්පයක් හෝ ගැනීම ඉතා ගුණදායක ය.

“අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.41ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙලකර ගැනීම මැනවි.”

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ එන ආහාර පිසීමේ නැකතට ඉහත පරිදි ගිතෙල් මුසු කිරිබතක් සෑදීම අනිවාර්‍ය කෙරුනත් සැබවින්ම එය ද එපරිද්දෙන් සකසා ගන්නේ කීයෙන් කී දෙනාද? සමහරවිට පුද්ගලයෙකුට අවුරුද්දටම ගිතෙල් කෑමට ලැබෙන එකම එක අවස්ථාව එයවිය හැකියි.

හෙළ වෙදකමෙහි සහ ආයුර්වේද වෙදකමෙහි එන සමහර සංයෝග ඖෂධ සංස්කරණයට ගිතෙල් නැතිවම බැරි ‍ය. ගිතෙල් වල ගුණ ආයුර්වේදයේ චරක සූත්‍රස්තාන වල සඳහන් වන්නේ මෙපරිද්දෙනි.

ඍතඃ පිත්තානිල හරං – රස ශුක්‍රෝජසා හිතම්
නිර්වාපනම් මෘදුකරං – ස්වර වර්ණො ප්‍රසාදනම්

ගිතෙල් මගින් පිත් දෝෂ සමනය කරන අතර රස ශුක්‍ර ඕජස් යන ධාතු පෝෂණය කරයි. එමෙන්ම ශරීරය පැහැපත් කරමින් ප්‍රසාදයට පත් කරනවා සේම ස්වර ප්‍රසාදය ද (කටහඬ මිහිරි කිරීම) ඇති කරයි.

හෙළ වෙදකමෙහි ගිතෙල් වල ගුණ සඳහන් කිරීමට මෙවැනි රසබර හරවත් කවි පේළි ද භාවිතා කර ඇත.

වැල්පෙනෙල ශාකා
ගිතෙලින් බැද කා
අඹුවන් නොතකන එකා
සියක් අඹුවන් තකා

ගිතෙල් සහ දුන්තෙල් එළගවයාගෙන් සහ මී ගවයාගෙන් ලබාගන්නා කිරි වලින් සකසන තෙල් වර්ග වෙයි. එළදෙනගෙන් ගන්නා කිරි වලින් හදන බටර් උණු කර එහි ඇති ජලවාෂ්ප, කිරි ප්‍රෝටීන ඉවත් කිරීමෙන් පසු එහි ඉතිරිවන තෙල් කොටස ගිතෙල් නම් වෙයි. මෙම ගිතෙල් කහ පැහැයක් ගනී. දුන්තෙල් ලබා ගැනීමට මීකිරි භාවිතා කරයි. එම දුන්තෙල් සුදු පැහැති වේ.

ගිතෙල් අපේ ශරීරයට බොහෝ ගුණදායකයි. ගැස්ට්‍රයිටිස් තියෙන අයට තමන්ගේ ආහාර වලට එළඟිතෙල්ගි තෙල් ටිකක් එකතු කරගැනීමෙන් බඩට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්.

පොල්තෙල් වලින් ආහාර පිසිනවිට එය 170 °C ක උෂ්ණත්වයට වඩා ‍රත් වූ විට එම තෙල් පිළිස්සුනත් එළඟිතෙල් වලට 250 °C ක තරම් ඉහළ උෂ්ණත්වයක් දක්වා ආහාර පිසගත හැකියි.

එළඟිතෙල් වල බහුල ලෙස විටමින් A,D,E,K2 අඩංගු වෙයි.

මෙහි බිඔටොනික් ඇසිඩ් (Botanic acid) වලින් පොහොසත් නිසා බඩවැල් වල පවතින විෂ තත්වයන් නැසීමටත් එහි සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමටත් ඉතා ගුණදායක වේ.

බඩ දැවිල්ල නැතිකරන අතර ආහාර දිරවීමේ ගැටළු ඇති අයට ද ගුණදායක වෙයි.

මෙහි ලිනොලෙයික් ඇසිඩ් (Linoleic acid) අඩංගු නිසා කොලෙස්ටරෝල් වලටද ගුණදායකයි. එම නිසා හෘදයාබාධ වලට ද ගුණදායක වෙයි.

කිරිවලට ආසාත්මිකතා දක්වන අයට වුව ද කිසිදු ගැටළුවකින් තොරව එළඟිතෙල් පරිභෝජනය කළ හැකියි.

මලබද්ධයට ද ගුණදායකයි.

ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

විටමින් E අඩංගු නිසා සමෙහි පවතින විවිධ ගැටලු නැතිකළ හැකියි.

වියළි සමක් පවතින අයට, තොල් පැලෙන අයට, වියළි හිසකෙස් ඇති අයට සහ පිළිස්සීම් වල ට එළඟිතෙල් ආලේපකළ හැකියි.

අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට, ශරීරයේ හෝමෝන සමබර කිරීමට, පිත දෝෂ සමනයට, කටහඬ මිහිරි වීමට, සම පැහැපත් වීමට, විශාදයට ඉතා ගුණදායකයි.

ඖෂධ සඳහා භාවිතා කරනුයේ පරණ වූ එළඟිතෙල් වේ. එළඟිතෙල් පරණ වෙන්න පරණ වෙන්න එහි ඇති ඖෂධීය වටිනාකම ද ඉහළ යයි.

 

උපුටාගත්තකි

Post Views: 27
Previous Post

වැලන්ටයින්වලට ඉන්දියාවෙන් රතු රෝස

Next Post

නාමල්ගේ නීති විභාගය ගැන හොයන්න CIDයෙන් එයි

Editor TTV News

Editor TTV News

Next Post
නාමල්ගේ නීති විභාගය ගැන හොයන්න  CIDයෙන් එයි

නාමල්ගේ නීති විභාගය ගැන හොයන්න CIDයෙන් එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved