ඒ අනුව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ නිකුත්ව තිබූ ඡායාරූප “LOVE කරන” ආකාරයේ ඒවා බවත්, ඒ තුළින් අපරාධකරු සමාජය ඉදිරියේ වීරයෙක් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (21) පවසා සිටියා.
සැකකාරයාව ෆොටෝ දාලා වීරයෙක් කරා. මම ඇමතිතුමාට කියන්නේ ෆොටෝ දාන්න දෙන්න එපා කියලා. අත්අඩංගුවට ගත්තු ගමන් ලව් කරලා වගේ ෆොටෝ දාලා. කවුද එහෙම දාන්නේ? එච්චර අපරාධකාරයෙක් ව වීරයෙක් කරලා. ඔබතුමා වහාම ඒ ගැන පරීක්ෂණයක් කරන්න.
එයට පිළිතුරු ලබාදුන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, “සමහර ඡායාරූප මාධ්‍යයට එන්නේ AI තාක්ෂණය ඔස්සේ බවත් මේවා පිළිබඳව අවබෝධයක් තිබිය යුතු බවත්ය.