සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා මරා දැමීමෙන් පසුව ඩුබායි හි දී මත් සාදයක් පවත්වා ඇතිබව ආරංචි මාර්ග සදහන් කර සිටියි.
සාදය සඳහා මෙරට ප්‍රමුඛපෙළේ අපරාධකරුවන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇති බවත් මේ වන විට වාර්තා වී තිබේ.
සාදය තුළ දී සංජීව මරා දමන්නට තුවක්කුකරු කළ කැපවීම ඔවුන්ගේ කතාබහේ මාතෘකාව වී තිබූ බවද කියැවේ.
ගණේමුල්ල සංජීවගේ මරණය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් සිදුකරන ලද වැටලීම්වලට මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු කොටු වී සිටින බව ද එරට පොලිසිය වාර්තා පළ කර සිටියි.
කෙසේ වෙතත් මෙම අපරාධකරුවන් තායිලන්තය ඇතුළු වෙනත් රටවලට පැන ගොස් සිටින අතර, සංජීවගේ මරණය සැලවීමෙන් පසු ඔවුන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සතුට පළකර ඇති බවට තොරතුරු ලබා දී ඇත.
එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් පවසන්නේ, සංජීවගේ ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් පාර්ශවය විසින්ම තුවක්කුකරු සම්බන්ධයෙන් ඔත්තු තොරතුරු මෙරට ආරක්ෂක අංශවලට ලබා දී ඇති බවට සැකයක් පළ වී ඇති බවයි.
ඔවුන් මෙසේ ක්‍රියා කිරීමට හේතුව තුවක්කුකරුට පොරොන්දු වූ මුදල් නොගෙවීමට අදහස් කිරීම බවට ද තොරතුරු ඇත.
මෙම සිදුවීම අදාළව තවත් විමර්ශන සහ විශ්ලේෂණයන් සිදුවන අතර, අපරාධකරුවන්ගේ සැඟවුණු ස්ථාන හෙළිදරව් කිරීම සඳහා ඩුබායි පොලිසිය සහ අන්තර්ජාතික ආරක්ෂක අංශ එක්ව කටයුතු කරමින් සිටී.