ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේ දී සුබදායී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසා තිබේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බවය.
එමෙන්ම පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.