අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (18) දින බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු 31 හැවිරිදි වන අතර ඔහු ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු 2023.05.12 අවිසාවෙල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, 2023.05.26 අවිසාවෙල්ල පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම සහ 2023.09.20 අවිසාවෙල්ල පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීම යන අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බව පොලිසිය විසින් පවසා තිබෙනවා.