සෝදිසි වරෙන්තුවක් නොමැතිව තම නිවෙස පරීක්ෂා කල බවට දේශබන්දුගේ බිරිද අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නිවෙස පිහිටා තිබෙන්නේ හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේයි.
ඊයේ (18) දින එම නිවස පරීක්ෂා කළ බවත් එහිදී එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් ලෙස මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.