රිළවුන්, වඳුරන්, මොනරුන් සහ දඬුලේනා වැනි සතුන්ගේ ජනගහනය හා ව්‍යාප්තිය පිළිබඳ විස්තර අඩංගු සංගණන වාර්තාව අද (28) නිකුත් කිරීමට නියමිතව තිබේ.
මෙම දත්ත භාවිතයෙන් වගා හානි අවම කරමින් සතුන් ආරක්ෂා කිරීමට උපායමාර්ග සකස් කරනු ඇත.
ජනතාවගේ ජීවිකාවට තර්ජනයක් වන සතුන් පාලනය කිරීම සහ පරිසර සමතුලිතතාව රැකෙමින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම රජයේ අරමුණ ලෙස අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර, එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිතය.