දී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම, නිල වශයෙන් මෙරටින් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බව වාර්තා වනවා.
2024 අගෝස්තු මාසයේ දීයි මෙම සමාගම මෙරට ඉන්ධන වෙළදපල සමග සම්බන්ද වුනේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ඉවත්වීම සම්බන්ධයෙන් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම විසින් මාස තුනකට පෙර එනම් 2024 මැයි මාසයේදී CPC වෙත දැනුම් දී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමාණය බලාපොරොත්තු ලාබය ලබාගැනීමට නොහැකි බවත් මෙහෙයුම් පවත්වා ගෙන යාමට තිබෙන පරිසරය පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බවත් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම්දී තිබෙන බවද ඔහු පවසා තිබෙනවා.
යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් සම්පූර්ණයෙන්ම පිටව ගොස් ඇති බැවින් එම සමාගම සමග ගිවිසුම් අත්සන් කළ මෙරට ඉන්ධනහල් 64 නැවතත් ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ කළමනාකාරිත්වය යටතට ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ
කෙසේ වෙතත් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් ඉවත් වීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ එම සමාගම සිය ව්‍යාපාරය ව්‍යාප්ත කළ ප්‍රථම විදේශ රට ශ්‍රී ලංකාව වීම හේතුවෙන්.