• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

31 December 2025
in දේශීය, පුවත්
ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉල්ලීමක් කරමින් ලිපියක් යවා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙසයි.

අතිගරු ජනාධිපතිතුමනි,

පීඩාකාරී “දිට්වා” සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සැපයූ ත්‍යාගශීලී මානුෂීය සහාය සඳහා මාගේ හදපිරි ස්තූතිය පළමුව ප්‍රකාශකර සිටිමි. ඇමරිකානු ඩොලර් මිලියන 2 ක හදිසි ආධාරය සහ අත්‍යවශ්‍ය සහන සැපයුම් ප්‍රවාහනය සඳහා හමුදා ගුවන් ප්‍රවාහන හැකියාවන් යොදවා ගැනීම, මෙවැනි බරපතල ස්වභාවික ව්‍යවසනයක් අභිමුව අපගේ අඛණ්ඩ සහන කටයුතු සඳහා අතිශය වැදගත් වූ බව කෘතවේදිත්වය පෙරදැරිව සඳහන් කරමි.

මෙම විනාශකාරී සුළි කුණාටුවෙන්, ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල පුළුල් ලෙස පැතිර ගිය ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දිගුකාලීන සමාජ ඛාදනයන් රාශියක් සිදුව ඇති අතර අප රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 10%ක්, එනම්, මිලියන දෙකකට අධික පිරිසක් (2,100,000) දැඩිව පීඩාවට පත්ව ඇත.

ගරු ජනාධිපතිතුමනි, සෑම විපතකදීම මෙන්ම අවාසනාවන්ත ලෙස මෙම ව්‍යාසනයෙන් ද වැඩිම පීඩාවක් එල්ල වී ඇත්තේ අප දරුවන්ටයි. UNISEF තක්සේරුවට අනුව, ලක්ෂ පහකට අධික (500,000) දරුවන් පිරිසක් බරපතල ලෙස පීඩාවට පත්ව සිටින අතර දෙමාපියන් අහිමිවීම, වාසස්ථාන අහිමිවීම, දෙමව්පියන්ගේ ආදායම් මාර්ග අහිමිවීම සහ අධ්‍යාපනයට බාධා වීම වැනි දිගුකාලීන අවදානමකට මුහුණ දී ඇති පිරිස බහුතරය වේ.

ඔබතුමා තුළ දරුවන් කෙරෙහි ඇති දැඩි කරුණාව සහ ආදරය මම සැමදා අගය කළෙමි. එයට ආසන්නතම උදාහරණය ඔබතුමා මෑතකදී ආරම්භ කළ ට්‍රම්ප් බැංකු ගිණුම් (Trump Account ) වැඩසටහන වේ. උපතේ සිටම තරුණ ඇමරිකානුවන්ගේ මූල්‍ය අනාගතය ආරක්ෂා කිරීමට අරමුදල් සැපයීමේ දූරදර්ශී වැඩසටහන මගින් ඔබ දරුවන්ට දක්වන සෙනෙහස, ඉතා පැහැදිලිව ලෝකයා හමුවේ විද්‍යාමාන කර ඇත.

එබැවින්, ශ්‍රී ලාංකේය දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් සේ සලකා අප රටෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනුලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම වූ 20% ක ප්‍රතිශතය, 2026 වසරට පමණක් අදාල වනසේ 12% දක්වා එනම්,

2024 පැවැති මට්ටම දක්වා තාවකාලිකව අඩු කිරීම සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන්නැයි පක්ෂ නායකයකු, 2022 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු මෙන්ම හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වශයෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එලෙස ඉටුවන්නේ නම්, එහි වාර්ෂික මුල්‍ය වටිනාකම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් අප වෙත ලබාදෙනු ලබන ණය මුදලේ, එක් වාරික අගයකටත් වඩා ඉහළ අගයක් ගනු ඇත. ඒ අනුව, මෙම ඉලක්කගත සහනය අපගේ ආර්ථික ප්‍රතිසාධනයට විශාල බලයක් ලබා දී ප්‍රධාන අපනයන අංශවලට සහාය වීම, යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සවිබල කරනු ඇත. රටක් ලෙස අප මුහුණදුන් බරපතළ

ස්වභාවික ආපදාවේ ප්‍රමුඛ වින්දිතයන් වූ මිලියන අඩකට ආසන්න ශ්‍රී ලාංකේය දරුවන්ට එම සහනයේ සෘජු ප්‍රතිලාභ ලැබෙන සේ ශ්‍රී ලංකා රජය කටකටයුතු කරනු ඇතැයි ද විශ්වාස කරමි.

එසේම,මෙම සංකේතාත්මක පියවර, මේ අසීරු කාලයේදී ශ්‍රී ලංකාවේ දරුවන්ට දීප්තිමත් අනාගතයකට ප්‍රවේශ මාර්ගයක් පිරිනමන බැවින් එය, ඔබතුමා සහ ඇමරිකානු ජනතාව වෙතින් ඔවුනට ලැබිය හැකි සර්වෝත්තම නත්තල් තෑග්ගක් මෙන්ම එළඹෙන නව වසර සඳහා පිදෙන අනුස්මරණීය ත්‍යාගයක් ද වනු නොඅනුමානය.

ඔබට ද ඔබ ආදරණීයයන්ට ද ඇමරිකානු ජනතාවට ද උණුසුම් නත්තල් සුභාශිංසන සහ සුබ නව වසරක් ප්‍රාර්ථනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ගෞරවයෙනි,

Post Views: 2
Previous Post

2026 නව වසරට සුබ පැතුම් !

Next Post

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

Editor TTV News

Editor TTV News

Next Post
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025
ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

31 December 2025
2026 නව වසරට සුබ පැතුම් !

2026 නව වසරට සුබ පැතුම් !

31 December 2025
වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත!  පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ

වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත! පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ

31 December 2025

Recent News

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025
ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

31 December 2025
2026 නව වසරට සුබ පැතුම් !

2026 නව වසරට සුබ පැතුම් !

31 December 2025
වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත!  පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ

වැටුණු ව්‍යාපාර ගොඩගන්න රජයෙන් අතහිත! පොලිය 3%යි – මාස 6ක් යනකම් වාරික නෑ

31 December 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025
ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

31 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved