මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයා ගැනීමත් සමඟ දැඩි කතාබහට ලක් වූ අමුතු ආකාරයේ පාෂාණය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිය විද්‍යාත්මක වාර්තාව නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව මෙම පාෂාණය “ලැබ්‍රඩෝරයිට්” (Labradorite) නමැති වර්ගයට අයත් එකක් වන අතර, එයට වෙළඳපොළේ ඉහළ වාණිජ වටිනාකමක් නොමැති බව තහවුරු වී ඇත. මෙය තවත් පාෂාණයක් තුළ තැන්පත් වී තිබූ කුඩා ප්‍රමාණයේ ලැබ්‍රඩෝරයිට් කොටසක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් යුක්ත වන මෙම පාෂාණ විශේෂය “ලැබ්‍රඩෝරසෙන්ස්” ලෙස ද හඳුන්වන අතර එය ෆෙල්ඩ්ස්පාර් (Feldspar) ඛනිජ කාණ්ඩයට අයත් වන්නකි. ලැබ්‍රඩෝරයිට් පාෂාණය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති සුවිශේෂී දේදුන්නක පැහැය ගත් දෘශ්‍ය සංසිද්ධිය නිසා වුවත්, මැණික් වර්ගයක් ලෙස මෙයට විශාල වටිනාකමක් හිමි නොවන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.














