• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරික්ෂණයට

22 January 2026
in දේශීය, පුවත්
සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරික්ෂණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශයන් සිට මෙරටට පැමිණෙන විදේශික සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් තක්සේරු කිරීමේ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අංශයට සහ ආගමන විගමන අංශයට  සම්බන්ධ බොරැල්ලේ පිහිටි Inbound Health Assessment Centre  (IHAP) (සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය) පසුගිය දා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ හදිසි නිරික්ෂණයට ලක් විය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංක්‍රමණ ආයතනයක් වන International Organization for Migration (IOM) ආයතනයේ අධීක්ෂණය යටතේ  සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

(IOM) ආයතනයේ ආයතනය මගින් ලංකාව තුළ ව්‍යාප්තිය වීමේ අවධානම ඇති රෝග පාලනයට සහ  සංක්‍රමණයට අදාළ පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහාය ලබාදෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිවලට සහ දැක්මට අනුකූලව අවශ්‍ය කටයුතු සඳහා දායකත්වය සපයනු ලබයි.

IHAP මධ්‍යස්ථානය මගින් සිදු කරනුයේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින් (සංචාරක වීසා හැර) වීසා ලබා ගැනීමට ප්‍රථමව සෞඛ්‍ය  අමාත්‍යාංශය අනුමත කරන ලද රෝග සඳහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම වන අතර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා Inbound Health Assessment Centre  මධ්‍යස්ථානයේ එම කටයුතු  වර්තමානයේ සිදු කෙරෙන ආකාරය පිළිබඳවත්, එම මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම්, අභීයෝග සහ ගැටළු පිළිබඳව මෙහිදි අවධානය යොමු කරන ලදි.

ක්ෂය රෝගය, බරවා රෝගය, මැලේරියා රෝගය, සහ ඒඩ්ස් රෝගය යන රෝග සඳහා දැනට අනුමත පරීක්ෂණ  සිදු කරනු ලබන අතර, දිනකට විදේශිකයන් සියයක් පමණ පරීක්ෂා කිරීම මෙම ආයතනය හරහා සිදුකරන බවත්, පසුගිය වසර පහක කාලය තුළ මෙම ආයතනය මගින් ලංකාවට  දිගුකාලීන වීසා ලබා ගැනීමට පැමිණි විදේශිකයන් ලක්ෂ 112,000 පමණ පරීක්ෂා කොට තිබෙන බවද මෙම නිරීක්ෂණයේ දී තහවුරු විණි.

ඒ අතරින් ශ්‍රී ලංකාව තුළ තුරන් කර ඇති රෝග දෙකක් වන බරවා සහ මැලේරියා රෝග සඳහා බරවා රෝගීන් දෙදහකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇති බවත්, මැලේරියා රෝගීන් ලෙස 09  දෙනෙක් පරීක්ෂාවෙන් හඳුනාගෙන අදාළ අංශ වෙත යොමු කර අතර එයින්  තුන් දෙනෙකුට  රෝහල් ගත ප්‍රතිකාර සහ අනෙකුත් අවශ්‍ය ප්‍රතිකාර ලබා ඇති බවත් තොරතුරු අනාවරණය වූ අතර,  එමෙන්ම  ඒඩ්ස් රෝගීන් සියයකට වැඩි ප්‍රමාණයක් සහ ක්ෂය රෝග රෝගීන් අසූවකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන අදාළ ප්‍රතිකාරවලට යොමු කර ඇති බවද එම මධ්‍යස්ථානයේ නිලධාරින් නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

මෙම නිරික්ෂණයෙන් අනතුරුව මධ්‍යස්ථානයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවේ දි නිලධාරින් පෙන්වා දෙන ලද්දේ දැනට ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන හා ආගමන විගමන කාර්යාලය හා විදේශ අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණ දුර්වලතා ඇති බව පෙන්වා දෙන ලද අතර,  එමගින් දීර්ඝ කාලීන වීසා ලබාගන්නා සියලුම විදේශිකයන් මේ දක්වා පරික්ෂාවට භාජනය කිරීමට නොහැකි වී ඇති බව ද අවධාරණය කරන ලදි.  එමෙන්ම මෙම ආයතනය සම්පූර්ණ මෙහෙයුම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සකස්විය යුතු බව ද විදේශිකයකු වෙනුවෙන් පැය දෙකක කාලයක් තුළ මෙම පරීක්ෂාවන් සිදුකර අවසන් කිරීම සේවකයින්ට තිබෙන ප්‍රධාන අභියෝගයක් බව ද පෙන්වා දෙන ලදි.  එමෙන්ම අයකරන මුදලින් වැඩි මුදල් ප්‍රමාණයක් මෙහෙයුම් කටයුතු සඳහා වියදම් වන බැවින් මූල්‍ය කටයුතු පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

මෙම ආයතනය ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොව විදේශීය රටවල පදිංචි සිට හෝ රැකියා කර ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය පවා පරීක්ෂා කිරීමට දායකත්වය සැපයිය යුතු බවට ආයතනයේ නිලධාරින් පෙන්වා දෙන ලද කරුණු පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු විය.

ලංකාවෙන් වෙනත් රටවල් වලට සංක්‍රමණය වන අපේ ජනතාවට සෞඛ්‍ය මාර්ග උපදේශක සකස් කිරිම, විදේශිකයන් විදේශ රටවල සිට ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය තත්වයන් සම්බන්ධව තීරණ හා තොරතුරු ලබාදීමට Travel physicians වෛද්‍යවරු සහ එම සේවා දක්වා මෙම ආයතනය පුළුල්  කිරිම පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ, විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආගමන විගමන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද හේරත්, IOM ආයතනයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරී වෛද්‍ය සීමියෝනෙට්ටෙ ද අසිස් ඇතුළු Inbound Health Assessment මධ්‍යස්ථානයේ වෛද්‍ය අචිනි ජයතිලක යන මහත්ම මහත්මීන් සහ කාර්ය  මණ්ඩලය ද එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දුෂ්කරයි, නිලධාරීවාදය සංකීර්ණයි – තුර්කි තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

Editor TTV News

Editor TTV News

Next Post
“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

"අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ" - අමාත්‍ය ලාල්කාන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුලී නිවසක් නැවත කුලියට දුන් කාන්තාවකට මාස 7ක සිර දඬුවම්

කුලී නිවසක් නැවත කුලියට දුන් කාන්තාවකට මාස 7ක සිර දඬුවම්

22 January 2026
මහමෝදර රෝහලත් හිරේට

මහමෝදර රෝහලත් හිරේට

22 January 2026
දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

22 January 2026
වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

22 January 2026

Recent News

කුලී නිවසක් නැවත කුලියට දුන් කාන්තාවකට මාස 7ක සිර දඬුවම්

කුලී නිවසක් නැවත කුලියට දුන් කාන්තාවකට මාස 7ක සිර දඬුවම්

22 January 2026
මහමෝදර රෝහලත් හිරේට

මහමෝදර රෝහලත් හිරේට

22 January 2026
දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

දිවයින පුරා රෝහල්වල පැය 48 ක වැඩවර්ජනයක්

22 January 2026
වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

22 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුලී නිවසක් නැවත කුලියට දුන් කාන්තාවකට මාස 7ක සිර දඬුවම්

කුලී නිවසක් නැවත කුලියට දුන් කාන්තාවකට මාස 7ක සිර දඬුවම්

22 January 2026
මහමෝදර රෝහලත් හිරේට

මහමෝදර රෝහලත් හිරේට

22 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved