පසුගියදා පැවැති ප්‍රසිද්ධ ජනහමුවකදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ කළු කෝට් එකක්, ජාතික ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටි පමණින් කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විවේචනයෙන් නිදහස් නොවන බවයි.
දේශපාලනයට පිවිසෙන ඕනෑම අයෙකු තමන්ගේ ඇඳුම හෝ අනන්‍යතාව පසෙක තබා තනි පුද්ගලයන් ලෙස එල්ල වන විවේචන සහ ප්‍රතිචාරවලට මුහුණ දීමට සූදානම් විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
අශෝක හඳගම මහතාගේ නවතම චිත්‍රපටයක එන “විපක්ෂයේ ඉන්නකොට පේන තරම් පාලනය කිරීම ලෙහෙසි නැත” යන අදහස දෙන දෙබස වත්මන් රජයට එල්ල කළ විවේචනයක් බවත්, ඊට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. තමන් වසර ගණනාවක් විපක්ෂයේ සිටි දුෂ්කර කාලයට වඩා වසරක පාලන කාලය තුළ වඩාත් පහසුවක් දැනෙන බව ඔහු සඳහන් කළේය.
තමන්ගේම පක්ෂයේ සිටි ඇතැම් පුද්ගලයන් විරුද්ධවාදීන් සමඟ එකතු වී පක්ෂ සාමාජිකයන් ඝාතනය කිරීමට වගකිව යුතු පිරිස් සමඟ සිටගත් බවට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය. බොහෝ අවස්ථාවලදී විවේචන හමුවේ පක්ෂය නිශ්ශබ්දව සිටියද, කලාතුරකින් දක්වන ප්‍රතිචාර “බෲස් ලීගේ ප්‍රහාරයක්” මෙන් ප්‍රබල වනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














