කළුතර, කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා (STF) පුහුණු කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු සිය සේවා ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. අද (02) පෙරවරුවේ කඳවුරු පරිශ්‍රය තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියත් සමඟ ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු තහවුරු කළේය. මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කළුතර පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.













