මෙරට 78 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව මෙතෙක් අත්කර නොගත් සැබෑ නිදහස ළඟා කර ගැනීමට නම් නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. රටේ වත්මන් තත්ත්වය දෙස බැලීමේදී ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකම ශ්‍රී ලංකාව අපේක්ෂිත ප්‍රගතියක් අත්කර ගැනීමට අපොහොසත් වී ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ. සම්පූර්ණ නිදහස යනු හුදෙක් උත්සව පැවැත්වීම නොව, සාධාරණත්වය සහ යුක්තිය පසිඳලන සමාජයක් ගොඩනැඟීම බව පවසන කාදිනල් හිමිපාණන්, ඒ සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් කැපවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කළහ.













