මිග් (MiG) ගුවන් යානා ගනුදෙනුවට අදාළ මූල්‍ය වංචා නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (02) නියෝග කළේය. සැකකරු දැනට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඔහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධිකරණය උපදෙස් දී තිබේ. මෙම ගනුදෙනුව හරහා රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.













