සී/ස මහව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය අතරතුර මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර හේරත් මහතාට (ජාතික ජන බලවේගය) පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. නාගොල්ලාගම ග්‍රාමීය බැංකු කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය අසලදී ඉකුත් 31 වැනිදා මෙම පහර දීම සිදුව ඇති අතර, ඒකාබද්ධ විපක්ෂයෙන් තරග කළ අපේක්ෂකයෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි. පහර දීමෙන් තුවාල ලැබූ සභාපතිවරයා මේ වන විට මහව දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














