හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) පොලිස් විමර්ශන ඒකක දෙකක් හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියේ මූල්‍ය විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා ඇති අතර, මීට පෙර අවස්ථාවකදී ඇය නීතිඥවරුන් මාර්ගයෙන් සහන කාලයක් ඉල්ලා සිටීමෙන් අනතුරුව අද දිනට මෙම කැඳවීම සිදුකර ඇත.
මීට සමගාමීව, පාතාල අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබේ. ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීම හේතුවෙන් පෙර අවස්ථාවලදී පෙනී සිටීමට නොහැකි වූ මන්ත්‍රීවරයා අද දින ප්‍රකාශයක් ලබාදීමට නියමිත අතර, මෙම විමර්ශනයට අදාළව ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.













