පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරග 04 සඳහා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අනිද්දා (05) සිට කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.
ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියකදී මාලිංග සතු අත්දැකීම් සහ විශේෂිත පන්දු යැවීමේ උපක්‍රම ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියට විශාල ශක්තියක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති. ඒ අනුව තරගාවලියේ මුල් අදියරේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පුහුණු කිරීමේ සහ මෙහෙයවීමේ වගකීම මාලිංග වෙත පැවරෙනු ඇත.














