වියළුව අධ්‍යාපන කලාපයට අයත් මීගහකිවුල බලගොල්ල විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිනියට ලබා දුන් ස්ථාන මාරුවීමට විරෝධය දක්වමින් දෙමාපියන් පිරිසක් අද (03) උදෑසන පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. හිටපු විදුහල්පතිනිය පාසලේ දියුණුව වෙනුවෙන් කළ සේවය අගය කරන දෙමාපියන්, ඇය නොමැති නම් දැනට පත් කර ඇති නව විදුහල්පතිවරයා ද ඉවත් කර වෙනත් විදුහල්පතිවරයෙකු ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම විරෝධතාව හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සටන අත්නොහරින බව ද ඔවුහු අවධාරණය කළහ.














