ත්‍රිකුණාමලය බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණය විසින් අද (03) නිෂ්ප්‍රභ කර තිබේ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලුණු අතර, මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නීත්‍යානුකූල බවත් එය බල රහිත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පෙත්සම්කරුවන් ඉදිරිපත් කර නොමැති බවත් විනිසුරු මඩුල්ල තීරණය කළහ. මේ අනුව එම භික්ෂූන් වහන්සේලා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවන අතර, මෙම තීන්දුවත් සමඟ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාදාමය තවදුරටත් තහවුරු වී තිබේ.














