නුවරඑළිය කිරිමැටිය හරහා හැටන් මාර්ගයේ නානුඔය, ක්ලාන්ටන් වත්ත ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 235ක ප්‍රපාතයක පිහිටි ඇළ මාර්ගයකට පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ. කදපොළ සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබූ මෙම රථයේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා පමණක් ගමන් කර ඇති අතර, ප්‍රපාතයට පෙරළීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පවසයි. අධික වේගය අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.














