ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර සඳහා අයදුම්පත් 200ක් පමණ ලැබී ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එම අයදුම්පත් අතරින් සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව මේ වන විට පුද්ගලයින් 75 දෙනෙකු කෙටි ලැයිස්තුවට (Shortlist) ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, ජාතික ගුවන් සේවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ පැපුවා නිව්ගිනියාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.














