“ගොඩනඟමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙවර උත්සවයේ විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායිකව පවත්වනු ලබන යුද උපකරණ ප්‍රදර්ශනය සිදු නොකිරීම වන අතර, ඒ වෙනුවට ආගමික හා ජන අනන්‍යතාවන් නිරූපණය වන සංස්කෘතික සංදර්ශනයකට සහ ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියට මුල්තැන ලබා දී ඇත. පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයන්හිදී හමුදාව කළ මෙහෙවර අගය කරමින් මෙවර පෙළපාළිය සංවිධානය කර ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් 4,000කට අධික පිරිසක් මීට එක්වීමට නියමිතය.
නිදහස් සැමරුමට සමගාමීව නාවික හමුදාව විසින් ගාලුමුවදොර පිටියේදී සම්ප්‍රදායික වෙඩි මුරයක් පවත්වනු ලබන අතර ගුවන් හමුදාව ජාතික කොඩිය රැගත් හෙලිකොප්ටර් යානා මගින් ගුවන් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. නිදහස් සැමරුම නිමිත්තෙන් පෙබරවාරි 07 වැනිදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස දැනුම් දී ඇති අතර හෙට දින කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනු ඇත.














