ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (03) දහවල් පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව පවසමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සිය මාරාන්තික උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබේ. තම සංගමයේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් ධනාත්මක ප්‍රතිචාරය හේතුවෙන් දින නවයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැති මෙම අරගලය අත්හැර දැමූ බව එම සංගමයේ නියෝජිතයෝ පැවසූහ. ගුරු සේවයට අන්තර්ග්‍රහණය වීමේ ගැටලුවට විසඳුම් අපේක්ෂාවෙන් සිටි මෙම නිලධාරීන්, සාකච්ඡාවෙන් පසු උපවාසය නිමා කර විසිර ගිය බව වාර්තා වේ.















