සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියේය. එහිදී මන්ත්‍රීවරයාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔහු මීට සුළු මොහොතකට පෙර එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ. මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මීට පෙර පසුගිය 26 වැනිදා කැඳවා තිබුණද, ඒ වන විට ඔහු ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීම හේතුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව අද දින මෙලෙස පෙනී සිට ඇත.














