බන මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමවේදය (Online) හරහා පමණක් සිදු කළ යුතු බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව ස්ථාපිත කළ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා මෙම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, මින් ඉදිරියට කඩදාසි පෝරම මගින් වත්කම් ප්‍රකාශ භාර නොගන්නා බව එම කොමිසම අවධාරණය කරයි. අදාළ නිලධාරීන් සහ මහජන නියෝජිතයන් විසින් ciaboc.gov.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස සිය වාර්ෂික, විශ්‍රාමික හෝ මැතිවරණ ප්‍රකාශයන් ඇතුළත් කළ යුතු වේ. විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදය සඳහා වෙනත් කිසිදු බාහිර දිගුවක් හෝ ක්‍රමවේදයක් භාවිත නොකරන ලෙස ද කොමිසම දැනුම් දී සිටී.














