සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වසර දහය සඳහා වන නව උපාය මාර්ගික සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ස්ථාපිත ‘සහන සත්කාර සේවා ඒකකය’ (Palliative Care Service) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
සෞඛ්‍ය සේවාවේ පවතින අභියෝග හඳුනාගෙන ජාතික ප්‍රතිපත්ති මත පිහිටා සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම දස වසරක සැලසුමේ ප්‍රධාන අරමුණ බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














