ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 2026 වසරේදී නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, දකුණු කොරියානු ‘Squid Game’ ටෙලි නාට්‍යය නැරඹූ සහ බෙදාහැරීමේ නිරත වූ පාසල් සිසුන් ඇතුළු පිරිසකට උතුරු කොරියානු බලධාරීන් විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. දකුණු කොරියානු සංස්කෘතිය සහ මාධ්‍ය නිර්මාණ වැළඳ ගැනීම “ප්‍රතිගාමී මතවාදයක්” ලෙස සලකන කිම් ජොන් උන් පාලනය, 2020 වසරේදී පැනවූ දැඩි මර්දනකාරී නීති යටතේ මෙලෙස ප්‍රසිද්ධියේ මරණ දඬුවම් පමුණුවන බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ධනවත් පුද්ගලයන්ට අල්ලස් ලබාදී මෙවැනි දඬුවම්වලින් බේරීමට අවස්ථාව පැවතියද, කිසිදු වත්කමක් නොමැති දිළිඳු පවුල්වල දරුවන්ට සහ තරුණයන්ට මෙලෙස උපරිම දඬුවම් විඳීමට සිදුව ඇති බවත්, මරණ දඬුවම් ක්‍රියාත්මක කරන අයුරු අනිවාර්යයෙන්ම නරඹන ලෙස පාසල් සිසුන්ට බල කර ඇති බවත් එමඟින් අනාවරණය කර ඇත.














