ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ පිහිටි පැරැණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ තුනක් මේ වන විටත් එම ස්ථානයට යොදවා ඇති අතර ගින්න මැඩපැවැත්වීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. ගින්නෙන් සිදුවූ අලාභහානි හෝ එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගාල්ල වරාය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














