සමගි ජනබලවේගයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වතාවත් මාලාවක් පවත්වා තිබේ. විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක් සිදුකළ අතර, අනතුරුව විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට කතරගම මහා දේවාලයේ පැවති ආශිර්වාද පූජාවන් ද ඇතුළත් විය. මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, රෝහිනී කවිරත්න සහ චාමින්දිනි කිරිඇල්ල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පාක්ෂිකයන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.














