2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර අද (09) පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 213ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් විය.
ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළද, දකුණු අප්‍රිකානු පිතිකරුවන් හමුවේ ඔවුන්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා කැනඩාවට ලකුණු 214ක අසීරු ඉලක්කයක් හඹා යාමට සිදුව ඇත.














