හොරණ, දොඹගොඩ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායට අනුයුක්තව සේවය කළ සාජන් මේජර්වරයෙකු අද (09) දහවල් වෙඩි තබාගෙන මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය වාර්තා කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කේ. එල්. සුරේෂ් කැලුම් නැමති දෙදරු පියෙකි. ඔහු බලලත් නිලධාරි II (Warrant Officer II) තනතුරට උසස්වීම් ලබා දින හතරක් වැනි කෙටි කාලයක් තුළ මෙම සිදුවීම සිදුව තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික හේතුවක් මත මෙම නිලධාරියා සිය රාජකාරි ස්ථානයේදීම මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි. ඔහු දිනපතා නිවසේ සිට රාජකාරිය සඳහා පැමිණෙන අයෙකු බවද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය වූ ස්ථානය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා හොරණ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ඇති අතර, අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














