මාදැල් ධීවරයන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්, එළඹෙන 27 වැනිදා දක්වා ඒ පිළිබඳව සෘජු අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (09) පැවසීය.
2015 වසරේදී එවකට සිටි බලධාරීන් ට්‍රැක්ටර් සහ ‘වින්ච්’ (Winch) යන්ත්‍ර භාවිත කර මාදැල් ඇදීමට අවසර දීම හරහා සාගර පද්ධතියට විශාල හානියක් සිදුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ක්‍රමය හේතුවෙන් කොරල්පර සහ පෙද පාසි පවා විනාශ වන බවත්, මෙය අනියම් ආකාරයේ ‘බොටම් ට්‍රැව්ලින්’ (Bottom Trawling) ක්‍රමයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පවතින ගැටලුවලට නීත්‍යානුකූල තීන්දුව ලැබුණු පසු සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට රජය සූදානම් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.














