පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, උපකාරක පන්තියක් නිමවී නිවස බලා යමින් සිටි අවුරුදු 14යි මාස 10ක් වයසැති දැරියක කළුතර ප්‍රධාන පාලම යටට රැගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 08 වනදා රාත්‍රී 7.00ට පමණ කළුතර බස් නැවතුම්පොළේදී බස් රථයක නැග සිටි දැරිය අසලට පැමිණි මුඛ ආවරණයක් පැළඳි මෙම පුද්ගලයා, තමා පොලිසියෙන් බව පවසා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව අඟවමින් ඇයව බස් රථයෙන් පිටතට ගෙන්වාගෙන ඇත.
අනතුරුව සැකකරු විසින් දැරිය කළුතර පාලම යටට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති අතර, පසුව ඇයව එහිම දමා පලාගොස් ඇති බව පොලිසිය පවසයි. වින්දිත දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ගල්ලස්ස ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත අපරාධකරු හඳුනාගැනීම සඳහා සී.සී.ටී.වී (CCTV) දර්ශන ඔස්සේ විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.














