නීති කඩ කළොත් දැඩි දඬුවම් –
විභාග කොමසාරිස් ජනරාල්ගෙන් රතු එළියක්
2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ පන්ති මෙහෙයවීම පමණක් නොව, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදා හැරීම මෙන්ම පෝස්ටර්, බැනර් හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න ලබාදෙන බවට ප්‍රසිද්ධ කිරීම ද මෙහිදී සපුරා තහනම් වන බවයි. මෙම නියෝග උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට හෝ ආයතනයකට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ඇය අවධාරණය කළාය.
යම් හෙයකින් මෙම නීති කඩකිරීමක් සිදු වුවහොත්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පහත අංක හරහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකිය:
- විභාග දෙපාර්තමේන්තුව: 1911 (ක්ෂණික ඇමතුම්)
- පොලිස් හදිසි ඇමතුම්: 119
- පොලිස් මූලස්ථානය: 011-2421111













