ඉරානයේ නිෂ්පාදිත “බහ්මාන්” දුම්වැටි 36,860ක්
සංවර්ධන ව්‍යාපෘති ඉංජිනේරුවරයා රේගු දැලේ!
රුපියල් පනස් පන් ලක්ෂ විසි නව දහසක් (5,529,000) වටිනා ඉරානයේ නිෂ්පාදිත “බහ්මාන්” (Bahman) වර්ගයේ දුම්වැටි තොගයක් සමඟ විදේශීය ගුවන් මගියෙකු අද (10) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.
අද අලුයම 4.24ට සාජා නුවර සිට එයාර් අරාබියා (Air Arabia) G9-502 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණි මොහු, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරන 45 හැවිරිදි ඉංජිනේරුවරයෙකි. ඔහුගේ ගමන් මලු දෙකක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ “බහ්මාන්” දුම්වැටි 36,860 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන ඒමේ අරමුණ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.














