• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වාහන තදබදයට විසඳුම් ලෙස “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්” බස් සේවාවක් – ජනාධිපතිගෙන් උපදෙස්

13 February 2026
in දේශීය, පුවත්
කොළඹ වාහන තදබදයට විසඳුම් ලෙස “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්” බස් සේවාවක් – ජනාධිපතිගෙන් උපදෙස්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතියම නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, කාර්යක්ෂම සහ ගෞරවනීය සේවාවක් බවට පරිවර්තනය කිරීමේ දැවැන්ත සැලසුමක් රජය විසින් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදයට ප්‍රධාන විසඳුමක් ලෙස “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්” (Lanka Metro Transit) බස් සේවාව හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඊට අදාළ බස් රථ මෙම වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට ගෙන්වීමට නියමිත බවත් අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය වටා දිවෙන ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ ආරම්භ කර පසුව මහනුවර සහ ගාල්ල ඇතුළු ප්‍රධාන නගර 8ක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. පෞද්ගලික වාහන කොළඹට පැමිණීම අවම කර මහජනතාව පොදු ප්‍රවාහනයට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මීට අමතරව, දැනට විසිරී පවතින බස් සේවාවන් වෙනුවට ‘සමූහ ආකෘතියක්’ (Cluster Model) යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සමාගම් ක්‍රමයක් හඳුන්වා දීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. පෞද්ගලික බස් හිමියන් සහ රජය අතර විධිමත් ගිවිසුම් හරහා වඩාත් ගුණාත්මක සේවාවක් සැපයිය හැකි බවත්, ලාභදායීත්වය පිළිබඳ ගැටලු පවතින්නේ නම් රජයට ඊට මැදිහත් විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් විශේෂ කරුණක් වූයේ රියදුරු බලපත්‍ර සඳහා වන ලකුණු අඩු කිරීමේ ක්‍රමය (Demerit Point System) මාස 6ක් හෝ 7ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමයි. එසේම ත්‍රිරෝද රථ, කුලී රථ සහ පාසල් වෑන් රථ සඳහා විධිමත් නියාමන රාමුවක් සැකසීමටත්, කැලණි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමටත් මෙහිදී තීන්දු කෙරිණි. ප්‍රවාහන අංශයේ සේවක සුබසාධනය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පෞද්ගලික අංශයේ සේවකයන්ට පවා විධිමත් පත්වීම් ලිපි සහ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බව අවධාරණය කළේය. මීට අමතරව ‘සිසු සැරිය’ සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමටත්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් මෙහිදී සාකච්ඡා විය.
Post Views: 4
Previous Post

සිංගප්පූරු අයවැය 2026: AI තාක්ෂණය සහ ගෝලීය වෙළෙඳපොළ ජයගැනීමට දැවැන්ත ආයෝජනයක්

Next Post

ඉන්දුනීසියාවේ අලි පිට යාම රට පුරා තහනම් කෙරේ – සංචාරක කර්මාන්තයට දැවැන්ත වෙනසක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ අලි පිට යාම රට පුරා තහනම් කෙරේ – සංචාරක කර්මාන්තයට දැවැන්ත වෙනසක්

ඉන්දුනීසියාවේ අලි පිට යාම රට පුරා තහනම් කෙරේ - සංචාරක කර්මාන්තයට දැවැන්ත වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාදැල් ධීවර සත්‍යග්‍රහයට නව වැනි දිනයත් පසු වෙයි

මාදැල් ධීවර සත්‍යග්‍රහයට නව වැනි දිනයත් පසු වෙයි

13 February 2026
කොළඹ ඉඳගෙන  ගමේ තීරණ  අපි ගන්නේ නැහැ

කොළඹ ඉඳගෙන ගමේ තීරණ අපි ගන්නේ නැහැ

13 February 2026
කුඩු අංජුගේ මත්ද්‍රව්‍ය ජාලය  මෙහෙයවූ කාන්තාව කොටුවෙයි ගිනිඅවි සහ ලක්ෂ ගණනක මුදල්  පොලිස් භාරයට

කුඩු අංජුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාව කොටුවෙයි ගිනිඅවි සහ ලක්ෂ ගණනක මුදල් පොලිස් භාරයට

13 February 2026
මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේ සිට

මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේ සිට

13 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාදැල් ධීවර සත්‍යග්‍රහයට නව වැනි දිනයත් පසු වෙයි

මාදැල් ධීවර සත්‍යග්‍රහයට නව වැනි දිනයත් පසු වෙයි

13 February 2026
කොළඹ ඉඳගෙන  ගමේ තීරණ  අපි ගන්නේ නැහැ

කොළඹ ඉඳගෙන ගමේ තීරණ අපි ගන්නේ නැහැ

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved