අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනිදා රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සිව්දෙනෙකු සඳහා ඉදිරිපත් වී තිබූ නාමයෝජනාවලට නිල වශයෙන් අනුමතිය ලබා දී තිබේ. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් සිදුකළ මෙම නම් කිරීම් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙලෙස ස්ථාවර කර ඇත.
ඒ අනුව, ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සමන් කුමාර් චන්ද්‍රසිරි මහතා පත් කිරීමට අනුමැතිය හිමි වූ අතර, කෙන්යා ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පීටර් රොහාන් ධම්මික ප්‍රනාන්දු මහතා නම් කර තිබේ. මීට අමතරව ලෙබනන් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අනුර විතානගේ මහතාටත්, පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා නියෝජිත ලෙස මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් මහතාටත් එම කාරක සභාවේ අනුමතිය හිමි විය. මෙම පත්වීම් හරහා මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














